පිවිතුරු විශ්වීය විඥානය වන සර්වබලධාරි ත්‍රිපුර සුන්දරි දේවිය ඇයගේම ශක්තියෙන් ස්වාධීනව තම ආත්ම සාරයෙන් ලෝකය නිර්මාණය කළාය. එතුමිය විසින් විශ්වය නම් ගර්භයේ ස්වරූපය ගෙන මෝහය සහ අවිද්‍යාව හේතුවෙන් අපිරිසිදුව සිටින ආත්ම වලට ඥානය ලබා දීම උදෙසා දැනුමේ සාගරය ලෙස වේදයන් නිර්මාණය කළාය. ආත්මයන් ස්වභාවිකවම අමුතු ආශාවන් හා ආකල්ප වලින් සමන්විත වේ. ආත්මයන්ට ඔවුන්ගේ යහපත අවබෝධ කර ගැනීම සඳහා ඇය විවිධ වර්ගයේ ප්‍රතිඵලයන් නිර්මාණය කළාය. සෑම ආත්මයක්ම ස්වභාවයෙන්ම හොඳ නරක ක්‍රියාවන් කිරීමට නැඹුරු වන අතර එමඟින් ඔවුන් සිදු කරන සිදුකරන කර්මයන්ගේ ස්වභාවය අනුව විවිධ භවයන් පසුකරමින් මනුෂ්‍ය භවයේ උපත ලබයි. ආත්මයක් මනුෂ්‍ය භවයේ උපත ලැබූ පසුව ප්‍රතිඵලය කෙරෙහි ආශාවෙන් කර්මයන් සිදු කරයි. තමාගේ ආශාවන් ඉටුවනු දැකීම පිණිස ඔහු ධර්ම ග්‍රන්ථ අධ්‍යන කරයි, එහිදි ඔහු තම ජීවිතයේ යම් අඩුපාඩු දකියි. ඉන්පසු ඔහු කළ යුතු දේ ගැන සිතන්නට පටන් ගනී, ඔහු තමාට මඟ පෙන්වීම ලබා ගැනීම සඳහා සාන්තුවරයෙකු වෙත යයි. ඔහුගෙන් දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහ මහිමය ගැන ඔහුට අසන්නට ලැබේ, දෙවියන් වහන්සේගේ කරුණාව ඔහු වෙතට පැමිණේ, එය ඔහුගේ කුසල් කර්මවල ඵල ලැබීමට සුදුසු කාලයයි. ඒ අනුව ඔහු විමුක්තිය කරා ඇදී යයි. කෙටියෙන් කිවහොත්, ඔහු සාන්තුවරයෙකු වෙත පැමිණ, ඔහුගේ අතීත පින් වල බලපෑම නිසා විමුක්තිය නම් ඉනිමගෙහි ඉහළට යාමට පටන් ගනී. මේ ආකාරයට ගුණවත් ඍෂිවරුන්ගේ ඇසුර විමුක්තියට ප්‍රධාන හේතුවයි. ඇත්ත වශයෙන්ම, ඇතැමුන් සිදු කළ මහත් වූ කුසල කර්මවල බලපෑමෙන් අහම්බෙන් මෙම ඥානය ලබන අවස්ථා තිබේ.