සියල්ලන්ටම යහපත සලසන මහාදේවිය

 


My mouth speaks the praises of the Goddess, and may all be praised for her glorious name forever and ever...

1. මාගේ දේව මාතාවනි, ඔබතුමිය උසස් කරමි; ඔබතුමියගේ ශ්‍රී නාමයට සදාකාලිකවම ප්‍රශංසාකරන්නෙමි.

2. සැමදා ඔබතුමිය ප්‍රශංසා කරන්නෙමි; සදාකාලිකවම ඔබතුමියගේ ශ්‍රී නාමය වර්ණනා කරන්නෙමි.

3. ස්වාමීදූ උතුම් ය, බොහෝ සෙයින් ප්‍රශංසා ලැබිය යුතුය; උන්වහන්සේගේ උතුම්කමද සොයා දැනගත නොහැකිය.

4. එක් පරම්පරාවක් තවත් පරම්පරාවකට ඔබතුමියගේ මහිමය වර්ණනාකරමින්, ඔබතුමියගේ බලවත් ක්‍රියා ප්‍රකාශකරන්නේය.

5. ඇතැම් මනුෂ්‍යයෝ ඔබතුමියගේ රෞද්‍ර ස්වරූපය පිළිබඳව කථාකරන්නෝය; මා ඔබතුමියගේ මාතෘත්වය ප්‍රශංසාකරන්නෙමි.

6. මහාදේවිය දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය; උදහස්වීමට ප්‍රමාදය, මහත් කරුණාවෙන් යුක්තය.

7. ඔබතුමියගේ මාතෘත්වයට සම කළ හැකි කිසිවක් නොවන්නේය; සියලු ජීවින් ඔබ වහන්සේගේ ණය කරුවන් වන්නේය.

8. පරමාත්මය හා ඔබතුමිය වෙනස් නොවන්නේය; එය දන්නෝ සංසාරයෙන් ගැලවෙත්. 

9. විශ්ව මාතාව සියල්ලන්ට යහපත්ය; එතුමියගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු දරුවන් කෙරෙහිය.

10. මෑණියනි, ඔබගේ සියලු දරුවන් ඔබට ස්තුතිකරන්නෝය; ඔබගේ ශුද්ධවන්තයෝද ඔබට ප්‍රශංසාකරන්නෝය.

11. මහාදේවියගේ බලවත් ක්‍රියාත් එතුමියගේ රාජ්‍යයේ තේජෝමහිමයත් මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වන පිණිස, ඔව්හු ඔබතුමියගේ රාජ්‍යයේ මහිමය වර්ණනාකරන්නෝය, ඔබතුමියගේ අනන්ත ස්වාධීන ශක්තිය ගැනද කථාකරන්නෝය.

12. ඔබතුමියගේ මායාවෙන් යුත් නිර්මාණය පරිපූර්ණ වන්නේය; මුග්ධයන් නිර්මාණය දන්නා නමුත් නිර්මාණකරු නොදන්නේය.

13 ඔබතුමියගේ ශ්‍රී නගරය සදාකාලික රාජ්‍යයක්ය, ඔබතුමියගේ ආදිපත්‍ය සියලු පරම්පරාවලම පවත්නේය.

14. පරාශක්තිය සියල්ලන්ට ආධාරසේක, ශක්තිය රහිත වූවන්ට ශක්තිය වන සේක.

15. ඔබතුමියගේ පාද පද්මයෙන්, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරනසේක.

16. ස්වාමිදුවගේ ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය, ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය.

17 දේව මාතාව තමන්ට භක්ති සේවනය කරන් සියල්ලන්ට, එනම් සැබවින් උන්වහන්සේට භක්තිය පුදන සියල්ලන්ට, ළංව සිටිනසේක.

18. උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ගේ ආශාව ඉෂ්ටකරදෙන සේක; සංසාර මායාවෙන් ඔවුන්ව ගලවාලන සේක.

19. මහාදේවිය තමන්ට භක්ති සේවනය කරන සියල්ලන් ආරක්ෂාකරනසේක; නුමුත් සියලු දුෂ්ටයන් සංහාරය කරනසේක.

20. මාගේ මුඛය මහාදේවියගේ ප්‍රශංසාව කියන්නේය, සියල්ලෝද සදාකාලිකවම එතුමියගේ ශ්‍රී නාමයට නාමයට ප්‍රශංසාකෙරෙත්වා.